මම අද ගෙනාවේ Director Shankar ගේ මේ වසරේ ජනවාරි මාසයේ 14 වන දින තිරගත කල ඉතා ලොකු Budget එහෙකින් නිපදවූ දමිල චිත්‍රපයටයක් වන I Movie එක අරගෙනය.
මෙම චිත්‍රපටය භාෂා රාශියකින් තිරගත වුණ අතර, මෙහි දමිල චිත්‍රපටය මේ වන විට බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ලොව පුරා සිනිමාහල් වල මේ වන විට ඇමරිකන් ඩොලර් කෝටි තුන්සියකට වාඩා මුදලක් උපයා තිබෙනබා. ඉතින් තේරෙනවා ඇතිනේ සුපිරි චිත්‍රපටයක් කියලා.
මම කලින් මේ චිත්‍රපයටය ගැන දීර්ඝ විස්තරයක් කරලා තියෙනවා මේ ලිපියෙන්. බලපු නැති අය ගිහින් බලන්න.
දැන් මේකේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමුකෝ, මේකේ කතා නායකයා වන්නේ ලිංගේසන් නමින් රඟන වික්‍රම්. මොහු තමන්ටම කියලා ජිම් එකක් කරගෙන යන එකෙක්. මෙයාගේ එකම බලාපොරොත්තුව කොහොමහරි Mr TamilNadu Championship එකෙන් දිනාන්න ඔනේ කියන එක. ඒ වාගේම මොහු හිතුව විදියටම ඒ තරඟයෙනුත් ජය ගන්නවා. මේකේ ප්‍රධාන නිලිය වන දියා නමින් රඟපාන ඇමී ජැක්සන්ය. ඇය වෙලඳ දැන්වීම් වල රඟපාන නිරූපිකාවක්. ඇයට ලිංගේසන් ආදරෙයි. රූපවාහිණියේ ඇය යන වෙලඳ දැන්වීම් බලන්නේ හරි කැමැත්තෙන්. දවසක් AVM Production එකෙන් මොහුන්ට අඬගහනවා ෂූටින් එකක් කරන්න. මෙතනට ලිංගේසන්ගේ කෑල්ලත් එන නිසා මොවුත් යනවා. එතනදී මොහු ඇය සමඟ කතාවක් එහෙම දාලා කෙල්ලව නම්ම ගන්නවා. ඉතින් දියාට ඉන්නවා ඇයත් එක්ක ඇඩ් රඟදක්වන එකෙක්. ඌ ඉතින් ඇයට හරි කැමති. ඌ බලන්නේ ඇයත් එක්ක සෙක්ස් කරන්න. ඇය ඉතින් මේ වැඩේට කැමති වෙන්නේ නැහැ. ඇයට ඉන්නවා අංකල් කෙනෙක්. ඔහු දොස්තරවරයෙක්. මොහු දියාගේ පොඩි කලේ ඉඳලා පවුලේ වෛද්‍යවරයෙක්. ඉතින් දියා මෙයාට කරදර කරන කොල්ලා ගැන මේ දොස්තරවරයට කියනවා. ඊට පස්සේ මොහු අර කොල්ලට අවවාද කරනවා ඇයට පාඩුවේ ඉන්න දෙන්න කියලා. ඉතින් ඒකට තරහවෙන අර කොල්ලා දියාත් සමඟ ඇඩ් ගන්නේ නැහැ කියලා, වෙන කෙල්ලෙක්ව අර ගන්නවා. ඉන්පසු දියාගේ මාර්කට් එක පහල බහිනවා. ඉන්පසු ඇය ලිංගේසන්ව හොයාගෙන එනවා මාත් එක්ක ඇඩ් ගන්න එනවද කියා අහන්න. මොහු ප්‍රථමයේ මෙයට කැමති වෙන්නේ නැහැ. මොකද මොහුගේ ප්‍රධාන බලාපොරොත්තුව Body Builder කෙනෙක් වෙන්නනේ. නමුත් අවසානයේදී කොහොම කොහොම හරි කැමති වෙනවා. ඉතින් මොහුගේ පලවෙනි ඇඩ් එක ශූට් කරන්න යන්නේ චීනෙට. මොහු ඒ ගිහිල්ලා මොනවා කර ගනීද?
මෙම කතාවේ ඉන්නවා අවලස්සන කුදු මනුස්සයෙක්. මුලින්ම චිත්‍රපටය පටන් ගන්නේ මොහු දියාගේ මඟුල් ගෙදරින් කෙල්ලව උස්සගෙන යන සීන් එහෙකින්. ඊට පස්සේ කෙල්ලව ගැට ගහලා බැඳලා තියාගෙන ඉන්නවා. ඒක අස්සේ මූ එක එකාව අවලස්සන කරනවා. ඇයි ඒ අවලස්සන කරන්නේ? ඇත්තටම කවුද ඒ මනුස්සයා? මොකටද මේවා මොහු කරන්නේ? මේ ටික චිත්‍රපටය නරඹා දැන ගන්න.
මෙය ආරම්භයේ පටන් අවසන් වන තුරු කුතුහලේකින් නැරඹිය හැකි සුපිරි චිත්‍රපටයක්. දමිල චිත්‍රපට නොනරඹන උදවිය අනිවාර්‍යයෙන් නැරඹිය යුතුම චිත්‍රපටයක් කියලා කියන අතර මම පහලින් දානවා Download Link එක බා ගන්න.
මෙම චිත්‍රපටයේ සින්දු ටික නම් මාර ලස්සනයි. පුලුවන් මේකේ සින්දු ටිකත් අහන්න. මම සින්දු ටිකේ Download Link එක දාන්නම් මෙතනින් බා ගන්න.
"I" Tamil Movie Download Link
එහෙනම් මම ගියා.
අපි දිනපතා දමන ලිපි ඉතා ඉක්මනින් බලා ගැනීමට අපේ Page එක Like කරන්න.

Kindly Share The Love »»
|
|
Tweet |
Facebook Comments Plugin Bloggerized by BRS COMMUNITARIAN