හරි, අද මම ගෙනාවේ සුපිරි දමිළ චිත්‍රපටයක් අරන්. මේකේ නම තමයි "Anegan" එනම්, "එක එක ආකාරයට පෙනීසිටීමට හැකි එකම තැනැත්තා" යන්නයි. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ කේ.වී ආනන්ද් විසින්ය. මෙම අධ්‍යක්ෂකවරයාගේ පස් වෙනි චිත්‍රපටය මෙය වේ. කේ.වී ආනන්ද් චිත්‍රපට අධ්‍යක්ෂක වරයාගේ ප්‍රථම චිත්‍රපට වන්නේ Prithviraj Sukumaran විසින් රඟපෑ 2005 අවුරුද්දේ මැයි 13 නිකුත් වුණු Kana Kandaen චිත්‍රපටයයි. ඉන්පසු මොහු අපි කවුරුත් හොඳින් අඳුනන Surya විසින් රඟපෑ Ayan චිත්රපයටය, ඉන්පසු Jeewa විසින් රඟපෑ Ko චිත්‍රපටය, ඉන්පසු නැවතත් Surya විසින් රඟපෑ Maatraan චිත්‍රපට වැනි ඉතා හොඳ චිත්‍රපට ගන්නාවක් මොහු විසින් අධ්‍යක්ෂණය කොට තිබෙනවා. ඉතින් ඔයගොල්ලන්ට තෙරෙනවා ඇතිනේ මම අද ගෙනාපු චිත්‍රපටයත් සුපිරි එකක් කියලා.
මෙය පෙම්වතුන්ගේ දිනය Target කරගෙන මෙම අවුරුද්දේ පෙබරවාරි 13 ලොව පුරා සිනමා ශාලා වල ප්‍රදර්ෂණය ඇරඹුවා. ඉතින් දැනටත් මෙම චිත්‍රපටය සුපිරියට තිරගත වෙනවා. ඉතින් මම මෙම චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් දානවා. කැමති කට්ටිය මේක සිනිමා ශාලා වල නරඹන්න නැත්නම් මෙය මම පහලින් දාලා තියෙන ලින්ක් එකෙන් චිත්‍රපටය ඩොව්න්ලෝඩ් කර නරඹන්න. තීරණය ඔබට බාරයි.
මෙහි කතාව වෙන්නේ, මෙහි කෙල්ලගේ නම මධූ. මේ කෙල්ලට නිතර නිතර හීන පේනවා, කලින් ආත්ම තුනක මෙයයි, අෂ්වින්නුයි ආදරය කරනවා පස්සේ කොහොම කොහොම හරි ඒ ආත්ම තුනේම දෙන්නා අන්තිමට එකතු වෙන්නේ නැතිව මැරෙනවා. ඇය දැන් වැඩ කරන කන්තෝරුවේ අර කලින් ආත්ම තුනේ හම්බවුණු අෂ්වින්ව මෙහිදී ඇය දකිනවා. ඉතින් මේ සේරම මතක මේ කෙල්ලට විතරයි, කොල්ලට මුකුත්ම මතක නැහැ. ඉතින් මොවුන්ගේ කලින් ආත්මයේ මේ අෂ්වින් මැරෙන්නේ මිනිමැරුම් චෝදනාවක් එක්ක. එම චොදනාව තමයි මොහු තම ආදරවන්තියව මරා ඇයගේ තාත්තාට හොඳටම පහරදී මැරුනා කියලා කියනවා. ඇත්තට මොහුන් මැරුනේ කොහොමද? මරන්නේ මොකටද? කවුද මැරුවේ? මේ ප්‍රශ්ණ වලට මොවුන්ට මේ ආත්මයේ පිලිතුරක් සොයා ගැනීමට හැකි වේවිද? මොවුන් දෙදෙනා මේ ආත්මයේදී වත් එකතු වේවිද? මේ ටිකට උත්තර සොයා ගන්න ඔනේම නම් මේ චිත්‍රපටය නරඹන්න කියා ආරාධනා කරනවා.
මෙය ආරම්භයේ පටන් අවසන් වන තුරු කුතුහලේකින් නැරඹිය හැකි චිත්‍රපටයකි.
එහෙනම් මම ගියා.
අපි දිනපතා දමන ලිපි ඉතා ඉක්මනින් බලා ගැනීමට අපේ Page එක Like කරන්න.

Kindly Share The Love »»
|
|
Tweet |
Facebook Comments Plugin Bloggerized by BRS COMMUNITARIAN