Director Shankar Sir ගේ අති දැවැන්ත දමිල චිත්‍රපටයක් වන මෙය නිපදවීම සඳහා ඉන්දියන් රුපියල් කොටි 145 ක පිරිවැයක් දරා තියෙනවා. මෙහි Teaser එක 2014 සැප්තැම්බර් මස 15 වන දින මුදා හැරියේය. මේ වෙන විට YouTube හි එම Teaser එක මිලියන 9 යකටත් වඩා පිරිසක් නරඹා තියෙනවා, එය දකුණු ආසියාවෙහි චිත්‍රපට වලින් වැඩිම වාර ගණනක් නරඹා ඇති Teaser එක ලෙස වාර්තා වෙනවා.
මෙහි ප්‍රධාන නළු නිලියන් ලෙස රඟ දක්වන්නේ Chiyaan Vikram සහා Amy Jackson ය.
Chiyaan Vikram
Chiyaan Vikram T.J. Joy ගේ අධ්‍යක්ෂණයෙන් රඟපෑ "En Kadhal Kanmani" චිත්‍රපටයෙන් මොහුව සිනමා ලොවට හඳුන්වා දෙනවා. ඉන් පසු මොහු "Bala" සර් ගේ "Sethu" චිත්‍රපටයෙන් මන්ධ මානසික රෝගී තත්වයෙන් පෙලෙන චරිතයක් රඟපා මොහුගේ විශිෂ්ඨ රංගන හැකියාව පෙන්නුම් කරමින් මොහු එම අවුරුද්දේ හොඳම නලුවාට හිමි සම්මානයද ලබා ගත්තා. ඉන් පසු මොහු Director Shankar සර් ගේ "Anniyan" චිත්‍රපටයට විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කරා. පසුව 2011 අවුරුද්දේ ජූලි 15 වන දින රඟ පෑ "Deiva Thirumagal" මූවී එකේ මොහු විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කලා. මෙම චිත්‍රපටය බලපු උදවියට තේරේවි මොහුගේ රංගන හැකියාව. මට නම් ඇඬුනා. ඉන් පසු "Thandavam" චිත්‍රපටයෙහි මොහු අන්ධ චරිතයක් රඟපෑවා, ඉතින් ඒ චරිතයත් මොහු අති විශිෂ්ඨව රඟපෑවා. ඉතින් මේ එක් එක් චිත්‍රපට වල මොහු වෙනස් වෙනස් චරිත හුඟාක් රඟපා තිබෙනවා.
නමුත් මොහු මෙවර අයි චිත්‍රපටයේ වෙනස් චරිත 4 ක් රඟපානවා. ඔබ Trailer එක බැලුවා නම් තේරේවි. සමහර අය චිත්‍රපට වල රඟ පාද්දී කියනවා නේ මොහු පණ දීලා මෙම චිත්‍රපටය රඟ පෑවා කියලා. මොහු නම් මෙම චිත්‍රපටයට පණ මෙන්ම මුලු ඇඟම දීලා රඟ පාලා තියෙනවා, මොකද කියනවා නම් මොහු එක් චරිතයක් රඟපෑමට මොහුගේ ඇඟ කිලො ග්‍රේම් 25 ක් ම බර අඩු කරාලු. මෙම චිත්‍රපටය මොහු තම පණ වගේම ඇඟත්, දන් දීලා තමයි මෙම චිත්‍රපටය රඟපාලා තියෙන්නෙ. ගොඩාක් හර්ඩ් වර්ක් කරලා තියෙනවා වගේ තේරෙනවා.
සුරූපි නිලි අමී ජක්සන්, ඇය සිනිමා ලොවට හඳුන්වා දෙන්නේ A.L Vijay විසිස් අධ්‍යක්ෂණය කරන Madrasapattinam චිත්‍රපටයෙන්. ඇය මෙම චිත්‍රපටයෙන් පසු දමිල චිත්‍රපට 2 කකට සහ හින්දි චිත්‍රපටයකට යි ටෙලුඟු චිත්‍රපටයකටයි රඟපා තිබෙනවා. ඇයගේ සුපිරි රංඟන හැකියාව නිසා, Director Shankar ඔහුගේ "අයි" චිත්‍රපටයට ප්‍රධාන නිලිය ලෙස එක් කර ගත්තා.
මෙහි එන විරූපි පෙනුම ඇති චරිතයට Makeup යොදලා තියෙන්නේ, ඔබ කවුරුත් දන්න The Lord of the Rings කථා මාලාවේ එන සවුරොන් වරුන්ට මෙක් අප් යොදවපු "Weta Work Shop" එක. ඔවුන් පලවෙනි වතාවට තමයි දමිල චිත්‍රපටයට Makeup යොදන්නේ. ඔවුන්ට මේක කරන්න මාර අභියෝගයක් වුණා කියලා කියනවා.
ඉතින් මට නම් මෙම චිත්‍රපටය එනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ. ඔයගොල්ලන්ටත් එහෙම වෙන්න ඇති කියලා මං හිතනවා.
මෙතනින් ඔබට පුලුවන් මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න.
තිරගත වීමට නියමිත දිනය :- 2015-01-15

Kindly Share The Love »»
|
|
Tweet |
Facebook Comments Plugin Bloggerized by BRS COMMUNITARIAN