Hello යාලුවනේ, මම මෙම වෙබ් අඩවියෙන් නොමිලේ ඔබ හට TV සිරියල්ස් සහ ජනප්‍රිය චිත්‍රපට වල Direct Link ලබා දෙනවා. ඇවිල්ලා බා ගන්න, සැමෝටම ආරාධනා කරනවා.

Thiranthidu Seese (2015) | මෙහෙමත් එකෙක් [සිංහල උපසිරසි සමඟ]

Tuesday, January 5, 2016
හලෝ යාලුවනේ කොහොමද, මම අදත් ගෙනාවේ 2015 නිකුත් වුන අලුත්ම අලුත් දෙමල චිත්‍රපටයක් අරගෙනය. මේකේ ඉන්නෙත් ඔයාලා වැඩිය දැකලා පුරුදු නැති කොල්ලෝ සෙට් එකක් තමයි. මේ කතාව බීමට ගොඩාක් ඇබ්බැහි වුන කට්ටියට හොඳ ආදර්ශමත් කතාවක්. මේ කතාව අධ්‍යක්ෂණය කරන්නේ M. Nimesh Varshan විසිනි. ඉතින් මෙය ඔහුට පලවෙනි චිත්‍රපටය වේ. මෙය Imdb අගය 6.7 ක් අරගෙන තියෙනවා. මේකේ රඟන නළු නිලියන් වන්නේ, Veeravan Stalin (ජෝන්), Narayan Lucky (හුසේන්), Dhansika (චාර්මි) ලෙස රඟදක්වයි.

මේකේ කතාව වෙන්නේ, චාරිමි කියන ලස්සන කාන්තාවක් එනවා දවසක් ජෝන්ගේ සහ හුසේන්ගේ පබ් එකට, ඉතින් කෙල්ල හොඳට බොන බේබද්දියක් ( ඇත්තටම ඇය බේබද්දියක්ද, බේබද්දියක් වුනේ කොහොමද කියලා ඔයාට කතාව බලාගෙන යනකොට තේරේවි). ඉතින් ඇය හොඳටම බිලා රෑ ජාමේ බාත්රුම් එකක් අස්සේ වැටිලා ඉන්නවා, මේක දැකපු හුසේන් ජෝන්ට කියනව එයා මැරිලා කියලා, ඉතින් අවසානයේ දැන ගන්නවා ඇය මැරිලා නැහැ පණපිටින් ඉන්නවා කියලා, ඇයව මාර ගේමක් දීලා දෙන්නා නැඟිට්ට ගන්නවා කොහොම හරි, ඉතින් චාර්මි නැඟිට්ට ගමන් කියනවා හුසේන් මාව දුෂණය කලා කියලා, නමුත් හුසේන් කියනවා මං එහෙම දෙයක් කළෙම නැහැ කියලා, ඇත්තටම මේ දුෂණය කවුද ඇයට කලේ, මොකටද කලේ, ඇත්තටම මේක ඇත්තක්ද? අවසානයේ මොනවාද වෙන්නේ කියලා බලන්නකෝ, සේරම උඩ යයි.

එහෙනම් මම තවත් අලුත් චිත්‍රපටයක් අරගෙන එන්නම්කෝ….///

36 Vayadhinile (2015) | ගැහැනියක් සිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ [සිංහල උපසිරසි සමඟ]

මම අදත් ගෙනාවේ 2015 වර්ෂයේ තිර ගත වුන වසර 6 ක් වැනි දීර්ග කාලයකට පස්සේ රංගනයෙන් දායක වුන ඉන්දියාවේ සුපිරි නළු සූර්යාගේ බිරිඳ වන ජෝතිකාගේ සුපිරි චිත්‍රපටයක් අරගෙනය.

මෙම චිත්‍රපටය කාන්තා පාර්ශවයට අනිවාර්යෙන් බලන්න කියලා ආරාධනා කරන අතර මෙය කාන්තාවන්ට ගොඩාක් ආදර්ශමත් කතාවක් කිව්වා නම් හරි, මොකද සමහර කාන්තාවන් හිතන්නේ තමන් ගැහැනියක් වෙලා ඉපදුන එකත් පවක් කියලා, නැහැ කාන්තාවන්ට ඕනේ දෙයක් ඕනෙම වයස් කාල සීමාවකදී තම ඉලක්කය ජය ගන්න පුළුවන් කියලා සුපිරියටම පැහැදිලි කරලා තියෙන චිත්‍රපටයක් තමයි මේක. මෙම කතාවේ අධ්‍යක්ෂණය මලයාලම් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන Rosshan Andrrews වන අතර මෙම චිත්‍රපටය 2014 නිකුත් වුන How Old Are You චිත්‍රපටයේ Remake එකක් වේ. මෙම චිත්‍රපටයේ imdb rating එක 7.6 ක් අරගෙන තියෙනවා.

මෙම චිත්‍රපටයේ කතාව වන්නේ, වසන්ති තමිල් චෙල්වම් ( Jyothika )  කියන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලිපි කාරිනියක් ලෙස අවුරුදු 14 ක් තිස්සේ වැඩ කරන කාන්තාවක්. ඇය හැමෝටම ගොඩාක් බයයි, ඒ නිසාම ඇයට හැමෝම මොන මොනවාට හරි විහිළු කර ගත්ත ගමන් මයි ඉන්නේ. ඇයට සැමියෙක් සහ දුවෙක් ඉන්නවා, ඇයගේ දුව යන පාසලට දවසක් ඉන්දියාවේ ජනාධිපති එනවා ඉස්කෝලේ රැස්වීමකට. ඉතින් එතැනදී වසන්තිගේ දුව ජනාධිපතිගෙන් ප්‍රශ්නයක් අහනවා.( ඒ ප්‍රශ්නයක් මොකක්ද කියලා මම මෙතන දාන්න යන්නේ නැහැ, එහෙම කිව්වොත් කතාව වැඩක් නැති වෙනවා ) ඉතින් ඒ ප්‍රශ්නය කවුද ඔයාට කියලා දුන්නේ කියලා ඇයගෙන් අහනවා, ඇය එයට පිළිතුරු දෙමින් කියනවා මට මේ ප්‍රශ්නය ඉගැන්නුවේ මගේ අම්මා කියලා, ඊට පස්සේ ජනාධිපතිට ඇයගේ අම්මාව හම්බවෙන්න බලනවා, මේ වගේ දෙයක් හැමෝටම ලැබෙන්නෙත් නැහැනේ, රටේ ජනාධිපති තමන්ට කතා කරනවා කියන්නේ පොඩි දෙයක් නෙවෙයිනේ. ඉතින් අවසානයේදී ඇයත් ජනාධිපතිව බලන්න කැමති වෙනවා, නමුත් වසන්ති ඇයගේ දුවයි අතර පොඩි වලියක් ගිහිල්ලා දෙන්නාට දෙන්නා කතා කරන්නේ නැහැ, ඉතින් දැන් වසන්තිට ජනාධිපති කතා කලේ අර ප්‍රශ්නය කියලා දුන්න නිසානේ, මෙයත් මෙයාගේ දුවගෙන් අහනවා මොකක්ද ජනාධිපතිගෙන් ඔයා අහපු ප්‍රශ්නය කියලා, දෙන්නා තරහ වෙලා ඉන්නේ නිසා ඇයගේ දුව මේකට උත්තරයක් දෙන්නේ නැහැ, අවසානයේදී ඒ අහපු ප්‍රශ්නය මොකක්ද කියලා දන්නේ නැතිවම වසන්ති ජනාධිපතිව හම්බ වෙන්න යනවා, ඉතින් මම කිව්වා නේ වසන්ති හැම දෙයකටම බය කෙනෙක් කියලා, ඉතින් ජනාධිපති ඇය ලඟට ඇවිල්ලා ආයුබෝවන් කියලා කියපු ගමන් ඇය කලන්තේ දාලා වැටෙනවා. ඊට පස්සේ ෆේස් බුක් එකෙයි, මොහු යන යන තැන් වලයි හැමෝම මෙයාට විහිළු කරනවා. ඉතින් ෆේස් බුක් එකේ වසන්තිගේ කොලේජ් එකේ යාලුවෙක් මේ පොස්ට් එක දැකලා මෙයාව බලන්න එනවා, මෙයා ආවට පස්සේ තමයි කතාවම අනිත් පැත්ත ගැහෙන්නේ, ඔයාලම බලන්නකෝ.

එහෙනම් මම ගියා.

Kallappadam (2015) | චිත්‍රපටයක් ගන්න මෙහෙමත් වැඩ කරනවනේ [සිංහල උපසිරසි සමඟ]

හැලෝ යාලුවනේ කොහොමද? අදත් මම ගෙනාවේ 2015 නිකුත් වුන අලුත්ම සුපිරි දමිල ත්‍රාසජනක චිත්‍රපටයක්. මේකේ නම් සේරම අලුත් කොල්ලෝ වගයක් ඉන්නේ, එහෙම කියලා නොබලා ඉන්න එපා, අනිවාර්යයෙන් බලන්න. මේකෙත් මේ වෙනකන් අන්තරජාලයේ සබක් තිබුන නැති නිසා අහගෙන අසාලිවිමක් තමයි කලේ.

මෙහි අධ්‍යක්ෂණය J. Vadivel වන අතර මොහු නවකයෙක් වෙනවා. මෙහි Imdb අගය 6.4 තියෙනවා. මෙහි ප්‍රධාන නළුවාට රඟපාන්නේ, මෙය අධ්‍යක්ෂණය කරපු J. Vadivel ( ජේ. වඩිවේල් ) විසින්ය.මෙහි සහයක නළුවන් වන්නේ, Krishnakumar (මියුසික්), S Sriirama Santhosh (එස්. ශ්‍රිරාමා සන්තෝෂ්), Gaugin (ගවුගින්) මේ සෙට් එක යාළුවන් වන අතර, මෙහි ප්‍රධාන නිලියක් නැති අතර Lakshmi Priyaa Chandramouli (ලීනා), Senthil ( සුන්දරමුර්ති ), Singampuli ( සිංගම් පුලි), Aadukalam Naren ( තංගපාන්ඩි ), Kavitha bharathi ( ධනසේකර් ) ලෙසත් රඟ දක්වයි.

මෙහි කතාව, මියුසික්, එස්. ශ්‍රිරාමා සන්තෝෂ්, ගවුගින්, ජේ. වඩිවේල් කියන්නේ යාළුවන් හතර දෙනෙක්, ඉතින් මේ සෙට් එකම නැවතිලා ඉන්නේ එකම තැනකයි.මෙතන වඩිවේල් කියන්නේ අධ්‍යක්ෂකවරයෙකු වන්න ට්‍රයි කරන එකෙක්, මියුසික් කියන එකා සින්දු කොම්පොස් කරන්න ලොකු උත්සහයක් ගන්න එකෙක්, තව එකෙක් ඉන්නවා මේකේ එයා ඇවිල්ලා එඩිටර් කෙනෙක්, මේ අයට ඕනේ තමන් ගන්න පලවෙනි චිත්‍රපටය එකට ගන්නයි, ඉතින් ඒකට වඩිවේල් කියන කෙනා එක කතාවක් තියාගෙන අවුරුදු තුනක් රස්තියාදු වෙනවා, ඉතින් මේ කතාව හැම ප්‍රෝඩියුසර් කෙනෙකුටම අල්ලන්නේ නැහැ. ප්‍රෝඩියුසර් මෙයාගෙන් අහනවා තව වෙන හොඳ කතාවක් තියෙනවා නම් කියන්න කියලා, එකට මෙයා කියනවා තව කතා ගොඩාක් මගේ හිත ඇතුලේ තියෙනවා, මගේ පලවෙනි කතාව විදියට මේක ගන්න ඕනේ කියන එක තමයි මගේ හීනය කියලා. ඉතින් මොහු මොකටද එක චිත්‍රපටයක් තියාගෙන අවුරුදු තුනක් කැරකෙන්නේ, මොහුගේ හීනය මොකක්ද, හැම ප්‍රෝඩියුසර් කෙනෙකුම මොහුගේ කතාව ප්‍රතික්ෂේප කරද්දී මොහුට අවසානයේදී මේ චිත්‍රපටය කරන්න පුළුවන් වුනාද, එහෙම අවස්තාවක් ලැබුනේ නැති වුනාම මොහුන් ඊළඟට තබන පියවර මොකක්ද? කියලා ඔයාලා බලලාම තේරුම් ගන්න.
එහෙනම් මම ගියා.

ස්තුතියි.

Katham Katham (2015) | අවංකකම නිසා කෙනෙකුට සිදු වුන හදියක්. [සිංහල උපසිරසි සමඟ]

ඔයාලා මෙච්චර දවසක් ආසාවෙන් බලාගෙන හිටපු දමිල චිත්‍රපටයක් තමයි අද මම අරගෙන ආවේ. මේ චිත්‍රපටය මේ වර්ෂයේ මාර්තු 16 වන දා තමයි තිරගත වෙලා තියෙන්නේ. ඉතින් මේකට සබ් එක කරන්න භාර දුන්න සමීර අයියාට බොහොමත් ස්තුතියි කරනවා. එයා තමයි කිව්වේ මේකට සබ් එකක් කරමු කියලා. ඉතින් මට එයා හොයලා දුන්නා එකේ ඉංග්‍රීසි සබ් ෆයිල් එකක් තියෙනවා කියලා. ඉතින් ඒ සබ් එකේ Time Line ටික පොඩ්ඩක් අවුල් ගිහිල්ලා තිබුනේ. ඉතින් එක හද හද කරන්න ගිහිල්ලා තමයි මේක පොඩ්ඩක් පරක්කු වුනේ. කොහොම හරි දැන් වැඩේ ඉවර කළා ඔන්න.

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Babu Thooyavan කියලා කෙනෙක්. මොහු මේකට නවකයෙක්. ඉතින් මේ චිත්‍රපටයට Imdb Rating එක නම් එච්චර නැහැ, 4.1 ක් තමයි තියෙන්නේ. Imdb එක අඩුයි කියලා චිත්‍රපටය නරඹන්නේ නැතිව ඉන්න එපා. මට නම් මේ චිත්‍රපටය හිතට ඇල්ලුවා, ගොඩාක් ආදර්ශමත් කතාවක්. මේකේ නළුවා වන්නේ Nandha Durairaj (නන්දා) සහ Natarajan Subramaniam (පාන්ඩියන්) ලෙසත් නිළිය වන්නේ Sanam Shetty (මධු) ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

නන්දා කියන්නේ ගොඩාක් අවංක පොලිස් නිලධාරියෙක්, පාන්ඩියන් කියන්නේ එක එකාගෙන් අල්ලස් අරගෙන මිනි මැරුම් වලට පවා සමාව දෙන නිලධාරියෙක්. නන්දා චෙන්නායි නගරයෙන් මාරු වීමක් ලබාගෙන පාන්ඩියන් ඉන්න පොලිස් ස්ථානයට එනවා. ඉතින් මොහුගේ අවංක කම නිසා මේ වගේ තැනක වැඩ කරන්න අමාරු වෙනවා. ඉතින් ඒ ගමේ ඉන්නවා ලොකු අය්යා කියලා මැරයෙක්. ඉතින් මොහු කරන වැරදි වැඩ වලට සේරටම සහය වෙන්නේ පාන්ඩියන් කියන පොලිස් නිලධාරිය. ඉතින් මේ සේරම බලාගෙන ඉන්න නැන්දාට මේක ඉවසගන්න පුළුවන් වෙයිද? අවසානයේ මොහු මේකට පිලියමක් කරයිද? මොහු නිසා පාන්ඩියන් හොඳ මිනිසෙක් වෙයිද? කියලා චිත්‍රපටය නරඹා දැන ගන්න.

ඔන්න එහෙනම් මම ගියා, ආයෙත් තවත් හොඳ දමිල චිත්‍රපටයකින් හම්බවෙමු. ස්තුතියි!!

Copyright @ 2013 BRS COMMUNITARIAN. Designed by Templateism | BRS COMMUNITARIAN
Powered by Zorgon - Roo Tricks

Follow Me

Popular Posts