අද ගෙනාවේ මම සුපිරි දමිල හොල්මන් චිත්‍රපටයක්. මේකේ නම Aaaah. Hari Shankar සහ Hareesh Narayan අධ්‍යක්ෂනය යටතේ නිර්මාණ වුන මෙය 2014 නොවැම්බර් 28 වන දින නිකුත් වූවකි. මොවුන්ගේ පලවෙනි චිත්‍රපයටයේ නම Orr Eravuu වන අතර මා එය නරඹා නොතිබූවත් එහි Imdb හි අගය ඉතා හොඳ මට්ටමක තිබෙන නිසා මට හිතෙනවා එයත් සුපිරි චිත්‍රපටයක් වෙන්න ඇති කියලා. මොවුන් දෙදෙනාගේ දෙවැනි චිත්‍රපයටය වන අම්බුලි චිත්‍රපයටයේ Imdb අගය ඉතා පහත් මට්ටමක පැවතුනත්, එය මගේ මතය නම් එයත් සුපිරි චිත්‍රපයටක් කියායි. මෙම චිත්‍රපටය මෙහි අධ්‍යක්ෂක වරු දෙදෙනගේ තුන් වන චිත්‍රපටය වේ.
ඉතින් මෙහි කතාව ගැන කියනවා නම්, මෙම චිත්‍රපයටයේ චෙරී, සින්ග්, තමිල් කියන්නේ කුඩා කල සිටම හොඳ යාලුවෝ, මේ තුන් දෙනා පාසලේ යහලුවන් විසින් සංවිධානය කරන පොඩි පාටියකට සහභාගී වෙනවා. එතනදී මේ අයට ප්‍රොස්පර් කියලා යාලුවෙක් හම්බ වෙනවා. මෙයා අමුතු ගතිගුණ ඇති චැරෙක්ටර් එකක්. කුඩා කල සිටම මොහු බෙට්ටින් වලට හරි ආස පොරක්. ඉතින් මොහු බෙට්ටින් දමා එයින් ජය ගෙන කෝටී 120 ක දනයක් හොයා ගන්නවා. ඉතින් මොහු එම යාලුවන් 3 දෙනාව දවසක් තමන්ගේ ගෙදරට අඬ ගහ ගන්නවා. ඉතින් මොවුන් ගැන විස්තර එක එකා හුවමාරු කර ගනිද්දී එතනදී මොවුන්ට හොල්මන්, යක්ෂයන්, භූතයන් ඉන්නවාද නැද්ද කියලා ප්‍රශ්නයක් මතු වෙනවා. ඉතින් අර යාලුවන් තුන් දෙනා කියනවා අපි නම් හොල්මන් විශ්වාස කරනවා කියලා. නමුත් ප්‍රොස්පර් කියන එකා මේක විශ්වාස කරන්නේ නැහැ. ඉතින් මේ අය අතර ඔය දේ පිලිබඳව ප්‍රශ්ණයක් මතු වී අවසානයේදී ප්‍රොස්පර් කියනවා, හරි ඔය ගොල්ලන් හොල්මන් ඉන්නවා කියලා මට තහවුරු කරලා පෙන්නුවොත් මම ඔයාලට මගේ දෙපලෙන් භාගයක් ලියා දෙනවා කියලා. ඒ කියන්නේ කෝටි 60 ක්. ඊට පස්සේ ප්‍රොස්පර් කියනවා ඔබලා මේ ඔට්ටුව පැරදුනොත් පොඩි කාලේ මගෙන් ඔට්ටු අල්ලා පැරදුනු මගේ බයික් එක මට නැවත ඔනේ කියලා. ඉතින් මොවුන් අවසානයේදී එම ඔට්ටුවට කැමති වෙනවා. ඊට පස්සේ මොවුන් ජපාන්, ඩුබායි, බෙන්ගාලි වැනි විදේශ රටවල් වලට ගිහිල්ලා හොල්මන් හොයන්න ගන්නවා. අවසානයේදී මොවුන්ට හොල්මන් හොයා ගන්න හැකි වේවිද? ඔට්ටුව ජය ගනීද කියන එක ඔබලා මෙය නරඹා දැන ගන්න.
මම පහලින් එක දානවා එහෙනම් Download කරගෙන බලන්න.
Click Here To Download Movie (688 Mb)
අපි දිනපතා දමන ලිපි ඉතා ඉක්මනින් බලා ගැනීමට අපේ Page එක Like කරන්න.

Kindly Share The Love »»
|
|
Tweet |
Facebook Comments Plugin Bloggerized by BRS COMMUNITARIAN