Toy Story Collection Direct Link

Monday, December 29, 2014
මේ කාටුන් එක මම 2 වසර ඉගෙන ගන්නකොට තමයි අපට පාසලේදී මේක බලන්න සෙට් වුනේ. එතකොට 2002 අවුරුද්දේ. ඉතින් මම මුලින්ම බලපු කාටුන් එක මේක කිව්වොත් හරි. නමුත් මට මේක බලන්න සෙට් වුණේ අහම්බෙන්. මම ඒ කාලේ මේ වගේ කාටුන් එකක් බැලුවා කියලා දන්නවා. නමුත් එම කාටුන් එකේ නම දැනන් හිටියේ නැහැ. 2 වසරේ ඉගෙන ගන්නකොට කොහොමත් කඩ්ඩ අවුල්නේ කාගෙත්. ඉතින් ඒ කාටුන් එක බැලුවාට පස්සේ මට මාර ඇම්මක් හැදුනා ඒක අයෙමත් බලන්න ඔනේ කියලා. ඉතින් ඒ කාටුන් එකේ නමත් දන්නේ නැතුව මම මගේ අම්මාටයි තාත්තාටයි කියලා බැලුවා, අපි අද මේ වගේ කාටුන් එකක් බැලුවා අම්මේ, මට අයෙමත් ඒ කාටුන් එක බලන්න ආසයි. මට ඒ කාටුන් එක කොමියුනිකේෂන් එහෙකින් අරන් දෙන්න කියලා. ඉතින් අපේ තාත්තාත් මේ විස්තර ටික කොමියුනිකේෂන් කාරයට කියලා කාටුන් එකක් ගෙනාවා. ඉතින් ඒ ගෙනාවේ මම බලපු එක නෙවෙයි. ගෙනල්ලා තිබ්බේ Ice Age චිත්‍රපටය. ඉතින් ඒකත් සුපිරි කාටුන් එකක් තමයි. නමුත් මට තවම Toy Stories කාටුන් එක හම්බවුණේ නැහැ. ඉතින් මම ඒ බලපු කාටුන් එක ගැන දෙතුන් දෙනෙක්ට කියලා බැලුවා මට ඒ කාටුන් එක සෙට් වුනේම නැහැ ආයෙමත් බලන්න.

ඉතින් පස්සේ මම 6 හරි 7 හරි ඉගෙන ගන්නකොට කොහොම හරි Toys Stories 2 බලන්න සෙට් වුනා. පස්සේ ඉතින් ඒ කාලේ කඩ්ඩ දන්න නිසා ඒ කාටුන් එකේ නම දැන ගත්තා. එදා Toys Stories 2 බලලා කොහොම හරි ඊට පහු වෙනිදාම ඒකෙම Part 1 එකත් බැලුවා.

හරි බයිලා ගැහුවා ඇතිනේ නේද? දැන් පොඩ්ඩක් කථාව පැත්තට හැරෙමුකෝ. මෙම කාටුන් පෙලෙහි දැනට කොටස් 3 ක් තියෙනවා. ඉතින් ඒක අතරමැදින් පොඩි පොඩි කෙටි කථා හිටන් නිකුත් වුණා. මෙහි පලවෙනි කොටස සහා දෙවෙනි කොටස කථාව ලියලා අධ්‍යක්ෂණය කරන්නේ John Lasseter විසින්ය. මෙහි 3 වෙනි කොටස අධ්‍යක්ෂණය Lee Unkrich  විසින් වෙන අතර කථාව John Lasseter විසින්ය. මෙම කාටුන් චිත්‍රපටය 2011 ඔක්තෝම්බර් 5 දිනයෙහි මිය ගිය Apple සමාගමෙහි නිර්මාතෘ වන Steve Jobs විසින් ආරම්භ කරන ලද pixer සමාගමහි පලවෙනි නිර්මාණය වේ.

දැන් කථාව ගැන කියනවා නම්, මෙහි කථාව ගලාගෙන යන්නේ සෙල්ලම් බඩු වටාය. ඉතින් මේ සෙල්ලම් බඩු වලට පණ තියෙනවා. ඉතින් මේ සෙල්ලම් බඩුවලට පොඩි නීතියක් තියෙනවා අහල පහල ඉන්න මිනිසුන්ට හඟවන්න බැහැ, සල්ලම් බඩු වලට පණ තියෙනවා කියලා. ඉතින් මේ කොටස් 3 ම තියෙන්නේ සෙල්ලම් බඩු වලට පණ තිබුණොත් ඔවුන් කොහොමද හැසිරෙන්නේ, සෙල්ලම් කරන්නේ, ඔන්න ඔය වගේ දේවල් මෙම කාටුන් පෙලෙන් නියමෙට විදහා දක්වා පෙන්වා තියෙනවා. බලපු නැති ලොකු පොඩි සැමෝටම අනිවාර්‍යයෙන් බලන්න කියලා ආරාධනා කරනවා.

මම මෙහි දෙන චිත්‍රපට සේරම  The Lord of the Rings The Fellowship of the Ring ඉඳලා තියෙන හැම චිත්‍රපටයක්ම ඔබට දෙන්නේ බයිස්කොප් එකෙන් දෙන Torrent Movies වල Direct Links ය. මම මේ වෙබ් අඩවියෙන් දෙන හැම චිත්‍රපටයක්ම බයිස්කෝප් එකෙන් දෙන සිංහල උපසිරැසි වලට 100% ගැලපෙනවා.

Toy Story 1 - Click Here To Download

Toy Story 2 - Click Here To Download

Toy Story 3 - Click Here To Download
Do you Like this story..?

Get Free Email Updates Daily!

Follow us!

Kindly Share The Love »»

Facebook Comments Plugin Bloggerized by BRS COMMUNITARIAN

Copyright @ 2013 BRS COMMUNITARIAN. Designed by Templateism | BRS COMMUNITARIAN
Powered by Zorgon - Roo Tricks

Follow Me

Popular Posts