හැලෝ
යාලුවනේ, මේක මගේ තුන්වෙනි සබ් නිර්මාණය, පලවෙනි එක දුන්නාට පස්සේ සබ් කරන
වැඩේ දිගටම කරන්න ඕනේ කියලා පොඩි හැඟීමක් මට පහල වුනා, ඒ මොකද, මගේ පලවෙනි
සබ් එකට ලැබුණු ප්‍රතිචාර නිසා. එදා ඒ මගේ පලවෙනි වැඩේ නිසාද මන්දා, ඔයාලා
මට පොඩි අඩුපාඩුවක් වත් තිබ්බා කියලා බැන්නේ නැහැ, ඉතින් දැන් දෙන සබ් එකේ
අඩු පාඩු තියෙනවා නම්, කරුණාකරලා කියන්න මට. මොකද, ඉදිරියේදී ඒකම මට ලොකු
ප්‍රශ්නයක් වෙයිද දන්නෙත් නැහැනේ, ඒකයි.
මෙය
තිරගත් වීමට ආරම්භ කර ඇත්තේ, 2015 මාර්තු 13 වනදාය. මෙහි අධ්‍යක්ෂණය කර
ඇත්තේ, අලුත් අධ්‍යක්ෂකවරයෙක් වන A. G. Amid විසින්ය. පලවෙනි වැඩේ නම් අති
සාර්ථකයි කිව්වොත් නිවැරදි, නියමෙටම චිත්‍රපයට කරලා තියෙනවා. මෙහි Imdb අගය
7.6 ක් අරගෙන තියෙනවා, තේරෙනවා ඇතිනේ සුපිරි චිත්‍රපටයක් කියලා. මෙහි
රංගනයෙන් දායක වන්නේ ඔබලාට හුරුපුරුදු නළු නිලියන් නෙවෙයි, ප්‍රධාන නළු
නිලි දේපල වන්නේ, Veera Bahu (Arjun Parthiban) සහ Regina Cassandra
(Michelle D’Mello) විසිනි. සහයක නළුවන් වන්නේ, Ajai Prasath (Devaraaj
Sarathy),Darbuka Siva (Austin D’Costa/Deepan), Ilavarasu (Sethu
Madhavan) සහ Aadukalam Naren (Dharmaraj) විසිනි. මෙහි දුෂ්ටයාට
රඟපාන්නේ Pattiyal K. Shekar (Kanchi Azhagappan).
මෙහි කතාව
වන්නේ, අර්ජුන්, දේවරාජ් (දේවා),දීපන් කියන්නේ යාළුවන් තුන්දෙනෙක්. ඉතින්
මොහුන්ගේ රැකියාව වන්නේ, අන් අයව රවටා මුදල් වංචා කිරීමයි.සේදු කියන මිනිහා
තමයි මොහුන් තුන් දෙනාට රවට්ටන්න ඕනේ අයව සෙට් කරන්නේ. දේවාට ඕනේ පොඩි
පොඩි වැඩ කරලා ජීවිතය ගෙන යන්නේ නැතිව, එක පාරටම ලොකු වැඩක් කරලා සෙට්ල්
වෙන්න. නමුත් අර්ජුනට ඕනේ පොඩි පොඩි වැඩ කරන්න. ඉතින් මෙතන ධර්මරාජ්
කියන්නේ, ෆිනෑන්ස් සමාගමක් ආරම්භ කර, ජනතාව රවට්ටා එම මුදල් වංචා කරපු
එකෙක්, ඇත්තටම මොහු මේ වංචාවට සම්බන්දද? ඉතින් මේ සේදූ කියන මිනිහා ගාවට
ධරමරාජ් එනවා කෙනෙකුගේ ආභරණ කඩයක් මංකොල්ල කන්න උදව් ඉල්ලගෙන. ඉන්පසු මොහු
මේක අර්ජුනට කියනවා, අර්ජුන් කැමති නැහැ මේ වගේ ලොකු වැඩ කරන්න, ඔහුට ඕනේ
පොඩි පොඩි වැඩ කරලා ජීවිතය ගැට ගහගන්න විතරයි. ඉතින් අර්ජුන් හිතනවා
ධර්මරාජ් කියන්නේ වංචාකාර මිනිහෙක් සහ මේක ලොකු වැඩක් නිසා මේ වැඩේට ඔහු
මුලින් කැමති වෙන්නේ නැහැ. ඉන්පසු මොහුගේ යාලුව වන දේවා මාර්ගයෙන් මොහුට
බොරු තොරතුරක් දීලා, ලක්ෂ දහයක් මංකොල්ල කන්න බලනවා, අර්ජුනගේ පෙම්වතියට
පොඩි සල්ලි ප්‍රශ්නයක් තියෙන නිසා මේ වැඩේට මොහු කැමති වෙනවා. ඇත්තටම ඔහු
සල්ලිද මංකොල්ල කන්න යන්නේ? ඒ වැඩේ කරාට පස්සේ මොහුට මොනවා වෙයිද? කියලා
දැන ගන්න ඕනේම නම්, චිත්‍රපටය නරබන්නම වෙනවා.

Kindly Share The Love »»
|
|
Tweet |
Facebook Comments Plugin Bloggerized by BRS COMMUNITARIAN