ඔන්න මගෙ
දෙවනි වැඩේ අරගෙන ආවා. මේක නම් පොඩ්ඩක් පරණ ෆිලුමක්. නමුත් සුපිරි කතාවක්
තියෙන්නෙ, මේක බලපු නැති අය අනිවාර්යෙන්ම බලන්න ඔනෙ කියලා ඉල්ලා සිටිනවා.
බැලුවට පාඩුවක් වෙන්නෙ නැහැ. ආදර්ශමත් කතාවක් කිව්වොත් හරි.
මෙය තිරගත
වී අත්තේ 2011 දෙසැම්බර් මස 16 වන දින ය. මෙහි Imdb Rating එක 7.4 ක්
ලබාගෙන තිබෙනවා. මෙහි කතාව සහ අධ්‍යක්ෂණය Santha Kumar විසිනි. මෙහි
ප්‍රධාන නළු නිළි දෙපළ වන්නේ, Arulnithi (Karunakaran) සහ Iniya (Aarthi)
විසිනි. මෙහි දුෂ්ටයන්ට රඟපාන්නෙ, John Vijay (Marimuthu), Madhu
(Rajendran), Krishnamurthy (Perumalsamy), Balakrishnan (Selvam) විසිනි.
මෙහි කතාව
වන්නෙ, කරුනාකරන් කියන්නෙ, විශ්ව විද්‍යාලයෙ චිත්‍ර විෂය හදාරන
ශිෂ්‍යයෙක්. මොහු බොහොම අහිංසක පොරක්, හැබැයි මූට කෙන්ති ගියොත් යකා වගේ,
ඉතින් මොහුගේ ගමේ ප්‍රශ්නයක් වුණ නිසා, මොහුගේ විශ්ව විද්‍යාල ජීවිතය කඩා
වැටෙනවා. ඉතින් මොහු ඉන්පසුව තමාගේ අය්යා මාර්ගයෙන් මොහුට චෙන්නායි
නගරයෙන්, විශ්ව විද්‍යාලයක් හම්බ්වෙනවා. මාරිමුත්තු, රාජෙන්ද්‍රන්,
පෙරුමාල්සාමි සහ සෙල්වම් කියන්නෙ පොලිස් නිලධාරින් හතර දෙනෙක්. මොහුන්
දවසක් චෙන්නායි නගරයෙ තියෙන ගොඩාක් පාළු පාරක, එකෙක්ට බොකෙක් සෙට් වෙලා
වාහනය නවත්වනවා. එතන ඉන්න අතරතුරදී, කාර් එකක් ඉතා වේගයෙන් ඇවිල්ලා
හැප්පෙනවා. ඒ කාර් එක පිටිපස්සෙ ඩිකියේ, කෝටි ගාණක් වටිනා සල්ලී තිබෙන ලොකු
බෑග් එකක තියෙනවා කියලා මොහුන් දකිනවා.
මේක දැකපු
පොලිස් කාරයන් හතරදෙනා, මේ සල්ලී ටික ගන්න හදනවා, ඉන්පසු හැප්පිච්ච එකා
මැරුණෙ නැහැ කියලා දැනගෙන, ඔහුව මරලා අර සල්ලි ටික ගන්නවා. මාරිමුත්තුට
අයථා සම්බන්ධතාවයක් තියෙනවා කෙල්ලෙක් එක්ක, ඉතින් ඒ කෙල්ලටත් මොහුව එපා
වෙලා තියෙන්නෙ, මොහුගෙන් ගැලවෙන්න ක්‍රමයක් තමයි ඇය බලන්නෙ. ඉතින් ඇය
සතියකට උඩදී ඉඳලා ඇයගේ කාම්බරයේ කැමරාවක් එල්ලනවා, මොහුගේ මොනවා හරි හොරයක්
අල්ල ගන්න ඔනේ කියලා හිතාගෙන. දවසක් මාරිමුත්තු ඔහුගේ යාළුවන් සමඟ අර
සල්ලි මංකොල්ලය ගැන කතා කරන එක, අර කැමරාවේ පටිගත වෙනවා. ඉන්පසු අර කෙල්ලා ඒ
කැමරාව අරගෙන කොෆි ෂොප් එහෙකට යනවා, යාළුවෝ දෙන්නෙක් එක්ක මේ ගැන කථා
කරන්න. ඉතින් එතනදී ඒ කැමරාව එකෙක් හොරකම් කරනවා, මාර වැඩේ ඊට පස්සේ මොනවා
වෙයිද? ඒ කැමරාව හොරකන් කරපු එකා, අර පොලිස් සෙට් එක සල්ලි මංකොල්ල කාපු
කාරණය අර කමරාවේ තියනවා දක්කට පස්සේ ඔහු මොනවා කරයිද? කරුනාකරන් කොහොමද
මේකට අහු වෙන්නෙ? අවසානයෙදී කවුරුත් බලාපොරොත්තු නොවූ දෙයක් සිදු වෙනවා, ඒ
මොකක්ද? කියලා දැන ගන්න නම්, චිත්‍රපටය බලන්නම වෙනවා.
ඔබට ජය...!!!

Kindly Share The Love »»
|
|
Tweet |
Facebook Comments Plugin Bloggerized by BRS COMMUNITARIAN