ඔයාලා
මෙච්චර දවසක් ආසාවෙන් බලාගෙන හිටපු දමිල චිත්‍රපටයක් තමයි අද මම අරගෙන ආවේ.
මේ චිත්‍රපටය මේ වර්ෂයේ මාර්තු 16 වන දා තමයි තිරගත වෙලා තියෙන්නේ. ඉතින්
මේකට සබ් එක කරන්න භාර දුන්න සමීර අයියාට බොහොමත් ස්තුතියි කරනවා. එයා තමයි
කිව්වේ මේකට සබ් එකක් කරමු කියලා. ඉතින් මට එයා හොයලා දුන්නා එකේ
ඉංග්‍රීසි සබ් ෆයිල් එකක් තියෙනවා කියලා. ඉතින් ඒ සබ් එකේ Time Line ටික
පොඩ්ඩක් අවුල් ගිහිල්ලා තිබුනේ. ඉතින් එක හද හද කරන්න ගිහිල්ලා තමයි මේක
පොඩ්ඩක් පරක්කු වුනේ. කොහොම හරි දැන් වැඩේ ඉවර කළා ඔන්න.
මේක
අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Babu Thooyavan කියලා කෙනෙක්. මොහු මේකට නවකයෙක්.
ඉතින් මේ චිත්‍රපටයට Imdb Rating එක නම් එච්චර නැහැ, 4.1 ක් තමයි
තියෙන්නේ. Imdb එක අඩුයි කියලා චිත්‍රපටය නරඹන්නේ නැතිව ඉන්න එපා. මට නම්
මේ චිත්‍රපටය හිතට ඇල්ලුවා, ගොඩාක් ආදර්ශමත් කතාවක්. මේකේ නළුවා වන්නේ
Nandha Durairaj (නන්දා) සහ Natarajan Subramaniam (පාන්ඩියන්) ලෙසත් නිළිය
වන්නේ Sanam Shetty (මධු) ලෙසත් රංගනයෙන් දායක වෙනවා.
නන්දා
කියන්නේ ගොඩාක් අවංක පොලිස් නිලධාරියෙක්, පාන්ඩියන් කියන්නේ එක එකාගෙන්
අල්ලස් අරගෙන මිනි මැරුම් වලට පවා සමාව දෙන නිලධාරියෙක්. නන්දා චෙන්නායි
නගරයෙන් මාරු වීමක් ලබාගෙන පාන්ඩියන් ඉන්න පොලිස් ස්ථානයට එනවා. ඉතින්
මොහුගේ අවංක කම නිසා මේ වගේ තැනක වැඩ කරන්න අමාරු වෙනවා. ඉතින් ඒ ගමේ
ඉන්නවා ලොකු අය්යා කියලා මැරයෙක්. ඉතින් මොහු කරන වැරදි වැඩ වලට සේරටම සහය
වෙන්නේ පාන්ඩියන් කියන පොලිස් නිලධාරිය. ඉතින් මේ සේරම බලාගෙන ඉන්න නැන්දාට
මේක ඉවසගන්න පුළුවන් වෙයිද? අවසානයේ මොහු මේකට පිලියමක් කරයිද? මොහු නිසා
පාන්ඩියන් හොඳ මිනිසෙක් වෙයිද? කියලා චිත්‍රපටය නරඹා දැන ගන්න.
ඔන්න එහෙනම් මම ගියා, ආයෙත් තවත් හොඳ දමිල චිත්‍රපටයකින් හම්බවෙමු. ස්තුතියි!!

Kindly Share The Love »»
|
|
Tweet |
Facebook Comments Plugin Bloggerized by BRS COMMUNITARIAN