මුලින්ම
මම සමාව අයදිනවා මේ චිත්‍රපටය ගෙන එන්න පොඩ්ඩක් පරක්කු වුනාට, සමීර අයියා
මට මේක කරලා දෙන්න කියලා කිව්වේ ජුලි 15 ස් වෙනිදා, මේක කරන්න මට දවස් 8 ක්
ගියා, මොකද මගේ වැඩ රාජ කාරී මැද තමයි වෙලාව වෙන් කරගෙන ශේප් එකේ මේ වැඩේ
කරන්න පුළුවන් වුනේ, කොහොම හරි කරලා මේක ඉවර කළා ඔන්න. මේකෙත් මේ වෙනකන්
අන්තර්ජාලයේ සබ් එකක් නොතිබුණු නිසා, ලයින් add කර කර, අසා ලිවීමක් තමයි
කලේ.
කතාව
කියනවා නම්, මේකේ ඉන්නවා යාලුවෝ සෙට් එකක්, ඒ සෙට් එකෙන් කෙනෙක් සහයක
අධ්‍යක්ෂක වරයෙක් ලෙස වැඩ කරනවා, කෙනෙක් චිත්‍රපටය අධ්‍යක්ෂක වරයෙක් වෙන්න
ලොකු උත්සාහයක් ගන්නවා, තව කෙනෙක් ගැහැණු පිස්සෙක්, තව යාලුවෝ ඉන්නවා, මේ
සෙට් එක නැවතිලා ඉන්නේ, කුලී කාම්බරයක. ඉතින් මේ අයට එක එක හේතු නිසා නිවාස
සැරෙන් සැරේට මාරු කරන්න සිදු වෙනවා, මේකේ චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වන්න
උත්සහ කරනවා කියලා කිව්වේ එකෙක්, අන්න එයාගේ නම් චෙල්ලපාන්ඩි, මේ විදියට
ගෙවල් සැරෙන් සැරේ මාරු වෙද්දී මොහුට තමන් අධ්‍යක්ෂණය කරන්න හදන චිත්‍රපටය
කරන්න බැරි වි යනවා, අවසානයේ මෙයා ඒ චිත්‍රපටය ඉවරයක් කරලා ලොකු අධ්‍යක්ෂක
වරයෙක් වුනාද නැද්ද කියලා තමයි මේ කතාවේ තනිකරම තියෙන්නේ. ඒක ඔයා චිත්‍රපටය
නරඹා දැන ගන්න. මම මේ කතාවේ පොඩ්ඩයි කිව්වේ හොඳේ.
එහෙනම් මම ගියා. ආයෙත් දමිල චිත්‍රපටයකින් හමුවෙමු.

Kindly Share The Love »»
|
|
Tweet |
Facebook Comments Plugin Bloggerized by BRS COMMUNITARIAN