Mass 2015 Tamil Movie News

Monday, March 9, 2015

හලෝ යාලුවනේ මම ඔන්න අද ගොඩ කාලෙකට පස්සේ ඉදිරියදී තිරගත වීමට නියමිත චිත්‍රපයක් වන දකුණු ඉන්දියාවේ සුපිරි දමිල නළුවෙකු වන සුර්යා රඟන "Mass" චිත්‍රපටයෙහි පොඩි සවිස්තරාත්මක විස්තරයක් ගෙන එන්න තමයි අද මම බලාපොරොත්තු වෙන්නේ.

මෙහි අධ්‍යක්ෂණය Chennai 600028, Saroja, Goa, Mankatha, Biriyani වැනි සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු වෙන්කට් ප්‍රබු විසින්ය. මෙහි දෙබස් රචනා කර අත්තේ Madhan Karky විසින්ය. මෙම චිත්‍රපටයෙහි ප්‍රධාන නළුවා වශයෙන් රඟපාන්නේඉන්දියාවේ සුපිරි නළු සූර්යා විසින් වන මෙහි ප්‍රධාන නිළිය වශයෙන් රඟපාන්නේ නයන්තරා විසිනි. මෙහි සංගීත අධ්‍යක්ෂණය යුවන් ශන්කර් රාජා විසිනි. 

Surya 
මොහු 1975 ජූලි 23 වන දින උපත ලැබුවාය. මොහුගේ පියා වෙන්නේ ඉන්දියාවේ දමිල චිත්‍රපට වල රඟපෑ සිවකාර්තිකේයන්ය. මොහුගේ සත්‍ය නම වෙන්නේ Saravanan Sivakumar ය. මොහු පාසල් ගියේ Padma Seshadri Bala Bhavan ට සහ St. Bede's Anglo Indian Higher Secondary School යන පාසල් දෙකටයි. මොහු ඩිග්රි එක කරලා තියෙන්නේ චෙන්නායි නුවර පිහිටි Loyola College එකටයි. මොහුට මල්ලි කෙනෙක් සහ නංගි කෙනෙක් සිටිනවා. මොහුගේ මල්ලි දකුණු ඉන්දියාවේ සුපිරි නළු කාරති වන අතර මොහුගේ නංගි නිලියක් නොවන අතර ඇය නමින් බ්‍රිධා වේ.

මොහු දමිල නිලි Jyothika ව 2006 සැප්තැම්බර් 11 ස් වන දින විවාහ කර ගත්තා. මොහුන්ට දැන් දුවෙකුයි පුතෙකුයි සිටින අතර Jyothika නැවතත් දමිල චිත්‍රපට රඟපාන්නේ නැහැ කියලා තමයි කියන්නේ.

මොහුව ප්‍රථම වරට දමිල චිත්‍රපයකට හඳුන්වා දෙනු ලැබුවේ Vasanth ගේ අධ්‍යක්ෂණයෙන් Nerrukku Ner චිත්‍රපටයෙනි. ඉන්පසු මොහු දමිල චිත්‍රපට 20 කට වඩා රඟපා තිබෙනවා. එම චිත්‍රපට සේරම සුපිරි අන්දමින් තිරගත වුනා. මොහුගේ Singam කතා මාලාවේ තුන් වෙනි කොටස මේ අවුරුද්දේ මැද භාගයෙදී Shooting කිරීමට නියමිත බව පවසා තිබෙනවා. 

Nayantara
ඇය1984 නොවැම්බර් 18 වෙනිදා ඉන්දියාවේ Bangalore ප්‍රදේශයේ උපත ලබා තිබෙනවා. ඇයගේ ප්‍රථම චිත්‍රපටය Sathyan Anthikkad ගේ අධ්‍යක්ෂණයෙන් 2003 රඟපෑ  Manassinakkare තෙලුඟු චිත්‍රපටයයි.
අයගේ ප්‍රථම දමිල චිත්‍රපටය වන්නේ 2005 දී තිරගත වුන Ayya චිත්‍රපටයයි. ඉන්පසු ඇය දෙමල සහ තෙලුඟු චිත්‍රපට රාශියක් රංඟ පා ඇති අතර එම සැම චිත්‍රපටයකම ඇය සුපිරි රංඟ පෑමක් කළා. ඉදිරියෙදී බලමුකෝ මෙම චිත්‍රපටයෙහි රඟපෑම කොහොම වෙයිද කියලා.





තිරගත වීමට නියමිත දිනය - 01 May 2015
එහෙනම් මම ගියා. නැවතත් දමිල චිත්‍රපයකින් හම්බ වෙමුකෝ.

අපි දිනපතා දමන ලිපි ඉතා ඉක්මනින් බලා ගැනීමට අපේ Page එක Like කරන්න. 


Do you Like this story..?

Get Free Email Updates Daily!

Follow us!

Kindly Share The Love »»

Facebook Comments Plugin Bloggerized by BRS COMMUNITARIAN

Copyright @ 2013 BRS COMMUNITARIAN. Designed by Templateism | BRS COMMUNITARIAN
Powered by Zorgon - Roo Tricks

Follow Me

Popular Posts