Kallappadam (2015) | චිත්‍රපටයක් ගන්න මෙහෙමත් වැඩ කරනවනේ [සිංහල උපසිරසි සමඟ]

Tuesday, January 5, 2016
හැලෝ යාලුවනේ කොහොමද? අදත් මම ගෙනාවේ 2015 නිකුත් වුන අලුත්ම සුපිරි දමිල ත්‍රාසජනක චිත්‍රපටයක්. මේකේ නම් සේරම අලුත් කොල්ලෝ වගයක් ඉන්නේ, එහෙම කියලා නොබලා ඉන්න එපා, අනිවාර්යයෙන් බලන්න. මේකෙත් මේ වෙනකන් අන්තරජාලයේ සබක් තිබුන නැති නිසා අහගෙන අසාලිවිමක් තමයි කලේ.

මෙහි අධ්‍යක්ෂණය J. Vadivel වන අතර මොහු නවකයෙක් වෙනවා. මෙහි Imdb අගය 6.4 තියෙනවා. මෙහි ප්‍රධාන නළුවාට රඟපාන්නේ, මෙය අධ්‍යක්ෂණය කරපු J. Vadivel ( ජේ. වඩිවේල් ) විසින්ය.මෙහි සහයක නළුවන් වන්නේ, Krishnakumar (මියුසික්), S Sriirama Santhosh (එස්. ශ්‍රිරාමා සන්තෝෂ්), Gaugin (ගවුගින්) මේ සෙට් එක යාළුවන් වන අතර, මෙහි ප්‍රධාන නිලියක් නැති අතර Lakshmi Priyaa Chandramouli (ලීනා), Senthil ( සුන්දරමුර්ති ), Singampuli ( සිංගම් පුලි), Aadukalam Naren ( තංගපාන්ඩි ), Kavitha bharathi ( ධනසේකර් ) ලෙසත් රඟ දක්වයි.

මෙහි කතාව, මියුසික්, එස්. ශ්‍රිරාමා සන්තෝෂ්, ගවුගින්, ජේ. වඩිවේල් කියන්නේ යාළුවන් හතර දෙනෙක්, ඉතින් මේ සෙට් එකම නැවතිලා ඉන්නේ එකම තැනකයි.මෙතන වඩිවේල් කියන්නේ අධ්‍යක්ෂකවරයෙකු වන්න ට්‍රයි කරන එකෙක්, මියුසික් කියන එකා සින්දු කොම්පොස් කරන්න ලොකු උත්සහයක් ගන්න එකෙක්, තව එකෙක් ඉන්නවා මේකේ එයා ඇවිල්ලා එඩිටර් කෙනෙක්, මේ අයට ඕනේ තමන් ගන්න පලවෙනි චිත්‍රපටය එකට ගන්නයි, ඉතින් ඒකට වඩිවේල් කියන කෙනා එක කතාවක් තියාගෙන අවුරුදු තුනක් රස්තියාදු වෙනවා, ඉතින් මේ කතාව හැම ප්‍රෝඩියුසර් කෙනෙකුටම අල්ලන්නේ නැහැ. ප්‍රෝඩියුසර් මෙයාගෙන් අහනවා තව වෙන හොඳ කතාවක් තියෙනවා නම් කියන්න කියලා, එකට මෙයා කියනවා තව කතා ගොඩාක් මගේ හිත ඇතුලේ තියෙනවා, මගේ පලවෙනි කතාව විදියට මේක ගන්න ඕනේ කියන එක තමයි මගේ හීනය කියලා. ඉතින් මොහු මොකටද එක චිත්‍රපටයක් තියාගෙන අවුරුදු තුනක් කැරකෙන්නේ, මොහුගේ හීනය මොකක්ද, හැම ප්‍රෝඩියුසර් කෙනෙකුම මොහුගේ කතාව ප්‍රතික්ෂේප කරද්දී මොහුට අවසානයේදී මේ චිත්‍රපටය කරන්න පුළුවන් වුනාද, එහෙම අවස්තාවක් ලැබුනේ නැති වුනාම මොහුන් ඊළඟට තබන පියවර මොකක්ද? කියලා ඔයාලා බලලාම තේරුම් ගන්න.
එහෙනම් මම ගියා.

ස්තුතියි.

Do you Like this story..?

Get Free Email Updates Daily!

Follow us!

Kindly Share The Love »»

Facebook Comments Plugin Bloggerized by BRS COMMUNITARIAN

Copyright @ 2013 BRS COMMUNITARIAN. Designed by Templateism | BRS COMMUNITARIAN
Powered by Zorgon - Roo Tricks

Follow Me

Popular Posts