Kaakki Sattai (2015) News (පූර්ව ප්‍රචාරක පටය සමඟින්)

Wednesday, February 25, 2015

මම අද ගෙනාවේ ඉදිරියෙදී තිරගත වීමට ඇති චිත්‍රපටයක් වන "Kaakki Sattai" දමිල චිත්‍රපටය අරගෙනය. මෙහි අධ්‍යක්ෂණය ආර්.එස් දුරේයිසේන්තිල්කුමාර් වන අතර මොහුගේ ප්‍රථම චිත්‍රපටයද මෙය වේ.  මම හිතනවා බොහෝ දුරට මෙය සාර්ථක වෙවී කියලා. මෙය Produced කරන්නේ ඉන්දියාවේ සුපිරි නළු රජිනිකාන්ත්ගේ බෑනා වන දනුෂ් විසිනි. මෙම චිත්‍රපටයෙහි ප්‍රධාන නළුවා වශයෙන් සිවකාර්තිකෙයන් සහ ප්‍රධාන් නිළිය වශයෙන් ශ්‍රි දිව්‍යා රඟපානවා. මෙහි සංගීත අධ්‍යක්ෂණය අනිරුද් විසින්ය.

Sivakarthikeyan

මොහුව සිනිමා ලොවට හඳුන්වා දුන්නේ පාන්ඩියරාජ් අධ්‍යක්ෂණයෙන් 2012 පෙබරවාරි තුන් වෙනි දින තිරගත කල චිත්‍රපටයක් වන "Marina" චිත්‍රපයයෙනි. ඉන්පසු මොහු 2012 මාර්තු තිස් වෙනිදා අයිශ්වර්යා ආර්. ධනුෂ් ගේ අධ්‍යක්ෂණයෙන් තිරගත කිරීමට ඇරබුණු ලොව පුරා ජනප්‍රිය වුනු Why This Kolaveri සින්දුව ඇතුලත් 3 චිත්‍රපයේ සහයක නළුවෙක් වශයෙන් රඟපෑවා. ඉන්පසු මොහු පිළිවලින් Manam Koththi Paravai, Kedi Billa Killadi Ranga, Ethir Neechal, Varuthapadatha Valibar Sangam, Maan Karate වැනි චිත්‍රපට මොහු විසින් රඟපා තිබෙනවා. මොහුගේ මේ සෑම චිත්‍රපයක්ම අතිසාර්ථක ලෙස තිරගත වුණා. මොහු කලින් රඟපා ඇති චිත්‍රපට සේරම පාහේ Comedy චිත්‍රපට වේ. ඉතින් මොහුගේ තිරගට වීමට නියමිතව ඇති චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපයක් වන අතර මොහුගේ නවතම උත්සාහය කෙසේ වේ දැයි අපි පොඩ්ඩක් ඉවසලා බලමු. (චිත්‍රපටය Release වෙනකන් බලාගෙන ඉන්න වෙනවා).

මොහු 1985 පෙබරවාරි 17 වන දින ඉන්දියාවේ සින්ගම්පුනරි නගරයේ ඉපද තිබෙනවා. මොහුගේ තාත්තා පොලිස් නිලධාරියෙක් වන අතර මොහුගේ නංගි Doctor කෙනෙකි. ඔහුගේ නෑයෙක් වන ආර්තිව 2010 අගෝස්තු 37 වන දින මැරි කර තිබෙනවා. 

Sri Divya

ඇයගේ ප්‍රථම චිත්‍රපටය වන්නෙ පොඩි ළමයෙකුගේ චරිතයක් කරමින් 2000 අවුරුද්දේ M. Raja අධ්‍යක්ෂයෙන් රඟපාපු තෙලුඟු චිත්‍රපයක් වන Hanuman Junction චිත්‍රපටයි. ඉන්පසු ඇය 2013 අවුරුද්දේ Varuthapadatha Valibar Sangam චිත්‍රපයටයෙන් Ponram ගේ අධ්‍යක්ෂණයෙන් දමිල සිනිමාවට හඳුන්වා දෙනු ලැබුවා. පසුව ඇය Jeewa, Vellakara Durai වැනි චිත්‍රපට දෙකක් රඟපෑවා. මෙය ඇයගේ හතරවෙනි දමිල චිත්‍රපටය වෙයි. 

මෙම චිත්‍රපටයෙහි පොඩි විශේෂ දෙයක් තියෙනවා. ඒ මොකක්ද, ශ්‍රී දීව්‍යා ගේ ප්‍රථම දමිල චිත්‍රපය වන
Varuthapadatha Valibar Sangam චිත්‍රපටයේ ප්‍රධාන නළු වන සිවකාර්තිකෙයන් සහ ශ්‍රී දීව්‍යා මෙම චිත්‍රපටයෙත් නැවත වරක් එකතු වීමයි. 




තිරගත වීමට නියමිත දිනය - 27 February 2015

අපි දිනපතා දමන ලිපි ඉතා ඉක්මනින් බලා ගැනීමට අපේ Page එක Like කරන්න. 
Do you Like this story..?

Get Free Email Updates Daily!

Follow us!

Kindly Share The Love »»

Facebook Comments Plugin Bloggerized by BRS COMMUNITARIAN

Copyright @ 2013 BRS COMMUNITARIAN. Designed by Templateism | BRS COMMUNITARIAN
Powered by Zorgon - Roo Tricks

Follow Me

Popular Posts