ඔන්න අද මම අරන් අවේ එදා ගෙනාවා වගේ තවත් දමිල හොල්මන් චිත්‍රපටයක් අරන් ය. මෙම චිත්‍රපටයේ නම "Ra". අමුතු නමක් නේද? මම මේ වෙනකන් දන්නේ නැහැ ඇයි මේ වගේ නමක් චිතපටයට දැම්මේ කියලා.
මෙම චිත්‍රපටය Ashraf සහ Prabu Yuvaraj විසින් ලියා, අධ්‍යක්ෂනය කරන්නේ Prabu Yuvaraj විසින්ය. මෙය තිරගත වූයේ 2014 දෙසැම්බර් 5 වන දිනයේදී ය.මෙම චිත්‍රපටය Tamil fantasy horror-film ගණයට අයත් වන්නකි. මෙහි Imdb අගය 6/10 ක් අරන් තියෙනවා.
මෙහි නලු නිලියන් ඔබ කලින් දැකලා පුරුදු කට්ටියක් නෙවේ ඉන්නේ. මෙහි රඟපාන නිලිය 2010 වර්ශයේදී තෙලුඟු චිත්රපයකින් සිනිමා ලොවට Sreehari Nanu ගේ අධ්යක්ෂනයෙන් රඟපෑ Thakita Thakita චිත්‍රපයටයෙන් සිනිමාවට ආව නිලියක් වේ. මෙහි රඟදක්වන ප්‍රධාන නලු වන Ashraf ගේ පලවෙනි චිත්‍රපටය මෙය වේ.
මෙහි කාතාව වන්නේ, අජේගේ යාලුවන් එකතු වී මොහු ආදරය කරන කෙල්ලව කසාද බන්දලා දෙන සිද්දියකින් තමයි චිත්‍රපටය මුලින්ම පටන් ගන්නේ. මොහුන් කසාද බැඳලා ගෙදරට යද්දී, ඔවුන්ගේ ගෙදරින් මොවුන් දෙන්නව සුහඳව පිලි ගන්නවා. ඉතින් මෙයාගේ ගෙදර හැමෝම දවසක්, අලුතෙන් කසාඳ ජෝඩුව තනි කරන්න ඕනේ යැ'යි සිත ගෙන ටික දවසකට මොවුන් ගෙදරින් පිටත් වෙනවා. එදින රෑ මොවුන්ගේ යාලුවන් අජේගෙන් පාටියක් ඕනේ කියලා ඒ සෙට් එක ගෙදර එනවා. අජේගේ බිරිඳත් මේක එක දවසකටනේ කියලා, යාලුවන් එක්ක ගිහිල්ල විනෝද වෙන්න කියලා ඇය ගිහිල්ලා නිදිය ගන්නවා. ඉන් පසුව එම පාටිය අවසන් වෙලා සේරම තම තමන්ගේ ගෙවල් වලට පිටව යනවා. පහු වෙනිදා අජේගේ බිරිඳ වන රම්‍යා බලන්න මොහු යනවා ඇඳට. ඉතින් කොච්චර කීද්දුවත් ඇය නැගිටින්නේ නැහැ. බලද්දී ඇය මැරිලා. කොහොමද ඇය මැරුනේ? මෙතනට හොල්මනක් එන්නේ කොහොමද? කියලා ඔබ මෙය නරඹා දැන ගන්න.
මෙය මුල ආරම්භයේ ඉඳලා අවසානය වෙනකන් කුතුහලේකින් නැරඹිය හැකි චිත්රපයකි. මෙය නරඹා නැති අය අනිවාර්යයෙන් නරඹන්න කියා ආරාධනා කරනවා.
අපි දිනපතා දමන ලිපි ඉතා ඉක්මනින් බලා ගැනීමට අපේ Page එක Like කරන්න.
Kindly Share The Love »»
|
|
Tweet |
Facebook Comments Plugin Bloggerized by BRS COMMUNITARIAN